hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:14



පොහොට්ටුවේ අභ්‍යන්තර මෙහෙයුම් සඳහා රාජපක්ෂවරුන් යළිත් සක්‍රීයව දායක වීම ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩල පිහිටුවීම මේවන විට ආරම්භ කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ පක්ෂය සමඟ සබඳතා අතහැර දැමූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ශාඛා සමිති නියෝජිතයන් නැවත පක්ෂය වටා එකතු කර ගැනීම මෙහි මූලික අරමුණ වී ඇතැයි වාර්තා වනවා.

පක්ෂයේ ක්‍රියාකාරී මැති ඇමැතිවරුන්ට වෙනත් දිස්ත්‍රික්කවලට ගොස් ආසන බලමණ්ඩල පිහිටුවීමට සහයෝගය ලබා දෙන ලෙසට ද පක්ෂයට ඉහළින් නියෝගයක්ද ලැබී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.

කෙසේ වෙතත් ඇතැමුන් මේ හා සම්බන්ධව එතරම් උනන්දුවක් නොදක්වන බව ආරංචි මාර්ග තහවුරු කරනවා.

තවත් පිරිසක් මෙම කටයුතුවලට සම්බන්ධ වුවද ඒ හා සම්බන්ධ මාධ්‍ය අවධානය ලබාගැනීමට හෝ ප්‍රචාරණ වැඩසටහන්වලට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසෙනවා.

කෙසේ වෙතත් පොහොට්ටුවේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම කටයුතු සඳහා සක්‍රීයව මැදිහත්ව සිටින බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධ කොටගෙන පවත්වනු ලබන රැස්වීම් මාලාව සඳහා මන්ත්‍රීවරුන් අවමය 20 ක් සහ උපරිමය 50 ක් වන පරිදි පිරිස් සහභාගිත්වයක් පවත්වා ගත යුතු බව ඔහුගේ නායකත්වයෙන් උපදෙස් ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: