hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 03, ප.ව. 12:54



සමස්ථ ලංකා පොදු ජන ගොවි පෙරමුණ නව සන්ධානය සමග එක්ව තිබෙනවා.

එහි නියෝජිතයන් අද පෙරවරුවේ නව සංධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා මහතා රාජගිරිය පක්ෂ කාර්‍යාලයේ දී හමුවි විශේෂ සකච්චවක්ද පවත්වා ඇත.

ගොවි සංවිධාන නියෝජිතයින් එහිදී සඳහන් කලේ පොහොට්ටුවේ වැඩ නිසා තමන්ට පීඩනයකින් කටයුතු කිරීමට සිදු වූ බවයි.

ඊට පිළිතුරු දුන් අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සදහන් මහතා..

මේ මොහොතේ රටේ සියලු දේශපාලන පක්ෂ සිදු කරමින් සිටින්නේ කතාකිරීමයි විවේචනය කිරිමයි පමණයි.නමුත් අපිට ජනතා නියෝජිතයන් හැටියට වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න නියෝජනය කරන්න.මට මතකයි පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා ඒ කාලේ කමිටු විශාල ප්‍රමාණයෙන් පත් කලා.ඊට පස්සෙ ඒ කමිටු වලට පැවරුවා ජයග්‍රහණයෙන් පස්සෙ ඒ යොජනා ක්‍රියාත්මක කරන්න.නමුත් පොහොට්ටුවේ නායකයින් ඒවා හමස් පෙට්ටියට දාලා මිනිස්සුන්ව අමතක කළා.ඒ වගේ වැරැදි නිසා අපි පොහොට්ටුවෙන් අයින් වුනා .දැන් අපිට පුලුවන් ප්‍රතිපත්ති ගරුක දේශපාලන අනාගතයක් රටේ ජනතාවට හදන්න. සමගි ජන බලවේගය,පොහොට්ටුව ,ජේ.වී.පිය මිනිසුන් ට බොරු කියනවා.අපි ඒ වගේ තැන්වලට යන්නෙ නැහැ.මිනිස්සු යන්නෙත් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: