hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:24



නව සන්ධානයේ නායක අනුර යාපා,නිමල් ලන්සා,මහින්ද අමරවීර,නිමල් සිරිපාල සහ නලින් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කතාබහක නිරතවෙමින් සිට තිබෙනවා.

අලුත් සන්ධානයට පොහොට්ටුවේ වැඩබිම්වල කට්ටිය ඇදගන්නවා වගේ නේද ඇමතිතුමා“මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු අහලා.

“ඔව් ඉතින් අපි වැඩබිම්වලට බලෙන් ගිහිල්ල ඇදගෙන ඇවිත් අපිට එකතුවෙන්න කියල කියන්නේ නෑ,ඒ අය බොහොම කැමැත්තෙන් එන්නේ”අනුර යාපා කියල තියෙන්නේ ඇඟට පතට නොදැනීමයි .

ඒ අය හුඟක් ඉන්නේ දැන් අතරමං වෙලා“නලින් ප්‍රනාන්දු ඇමැතිවරයාද කතාබහට එක්වෙලා තියෙනවා.

අපිත් ගම්වලට යනවනෙ,ගම්වල මිනිස්සුත් එයාල පෙන්නන තරම් හොඳ කියන්නේ නෑ”අමරවීර ඇමතිවරයා කියල.

අනුර යාපා ඇමැතිතුමාලා වගේ පක්ෂේ ජේෂ්ඨයෝ නිමල් ලන්සල වගේ පක්ෂෙට දර දිය ඇදපු මිනිස්සු නැතිකරගත්තු එක තමයි පොහොට්ටුවේ නායකයෝ කරගත්ත ලොකුම මෝඩකම,දැන් තේරෙනවා ඇති” දකුණු පළාත නියෝජනය කල මන්ත්‍රීවරයෙකු නිමල් ලන්සා දෙස බලමින් කියල තියනවා.

දැන් පරක්කු වැඩි,අපි බොහොම සාර්ථකව අපේ වැඩේ කරගෙන යනවා“ලන්සා එහෙම කියල.

ඔබතුමාලත් ලෑස්ති පිට ඉන්න අපි පොහොට්ටුවට එරෙහි දැවැන්තම බලවේගය හදනවා”නලින් ප්‍රනාන්දු පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන් දෙස බලමින් කියල.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: