hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 8:51



නව සන්ධානයේ සංවිධාන කටයුතු කොට්ඨාස මට්ටමින් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලය සඳහන් කරයි.

සැප්තැම්බර් මාසයේ දිස්ත්‍රික් නායකයන්ගේ සහ ඔවුන්ගේ නිර්දේශ මත අලුතෙන් පත්කෙරෙන අසන නියෝජිතයන් කොළඹට කැඳවා මේ ගැන දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ගම් මට්ටමින් නව සන්ධානයට කොට්ඨාස නියෝජිතයින් පත්කිරීමට නියමිතව ඇත.

පක්ෂ කාර්යාලයේ සුදානම එසේ තිබියදී සති දෙකක කාලයක විදෙස් සංචාරය නිමවා දිවයිනට පැමිණි නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් බදාදා පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලයකදී හමු වෙලා තියනවා.

එතැනදී මේ දවස්වල නව සන්ධානයට පොහොට්ටුවේ ය දිගට හරහට ගහන එක ගැනත් කතාවෙලා.

ඇමති නලින් ප්‍රනාන්දු,හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්,ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් සහ නව සන්ධාන පක්ෂ කාර්යාලයේ ප්‍රධානීන් පිරිසක් මෙම හමුවේ ඉඳල තියනවා.

ඇමතිතුමා..නව සන්ධානයේ වැඩ හරියටම පටන් ගන්නත් කලින් පොහොට්ටුවේ අය හොඳටම බයවෙලා.දිගට හරහට ගහනවා නේද?”හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලන්සා දෙස බලමින් කියල.

ඔව් ඔව් පොහොට්ටුව හදනකොට ලොවෙත් හිටපු නැති සාගර ඉතිහාසය දන්නේ නැතිව ගිරවෙක් වගේ කියවනවා“නලින් ප්‍රනාන්දු කිවේය.

ඕවා එච්චර ගණන් ගන්න හොඳ නෑ..ඒ වගේ අයට උත්තර දෙන්න ඕනත් නෑ.පොහොට්ටුව ගැන කතාකරන්න එයා කවුද,පුදුම පබ්ලිසිටියක් අපට දෙන්නේ“ලන්සා සිනාසෙමින් එහෙම කිව්වා කියලයි ආරංචි.

බැසිල් පොහොට්ටුව හදනකොට ඔය අද කතාකරන එක්කෙනෙක් හිටියේ නෑ..මේ දවස්වල අපි ගැන කතාකරන එක්කෙනෙක් හිටියේ රට වංචාවලට අහුවෙලා යහපාලන ආණ්ඩුව හොයද්දි හැංගිලා හිටියේ,සාගර හිටියේ සාගරයක් මැද“පළාත් පාලන ප්‍රධානියෙකු කියල.

එකනම් ඇත්ත,බැසිල් ලංකාවට එනවට රාජපක්ෂ පවුලේ අයම විරුද්ධ උනා,ඒ අය එන්න එපා කිවුවා,මොකද ඒ අය හිතුව බැසිල් අවොත් මහින්ද සුළඟ ඉවරයි කියලා,කිසි කෙනෙක් නැතිව ඉද්දි ලන්සා ඇමතිතුමා තමයි 3000ක් එක්ක එයාර් පෝට් එකට ගියේ බය නැතුව,අපි ඒකට ගිය මිනිස්සු“මිගමුව පළාත් පාලන ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු තරමක් කේන්තියෙන් කියාගෙන ගිහිල්ල තියෙනවා.

“ඒවා පැත්තකට දාන්නකෝ මන්ත්‍රීතුමා,ඊට පස්සේ බැසිල් ඇමතිතුමා හිරේට දැම්ම වෙලේ අද ඔය කෑ ගහන එකෙක් ආවද බැසිල් බලන්න,ජෙනරල් හොස්පිටල් එකේ මර්චන්ට් වෝර්ඩ් එකේ පැල් බැඳගෙන කවුද හිටියේ,ලන්සා ඇමතිතුමා හම්බෙන අයත් ගියේ එතනට මෙයාව හම්බෙන්න,ඔය ඉතිහාසය දන්නවද මේ ගිරව්..එතකොට එයා පළාතේ හිටියේ නෑ,පස්සේ කොහෙද යන ගමන්නේ ආවේ ‘නව සන්ධාන කාර්යාලයේ සිරිපාල අමරසිංහ මහතා මුහුණ රැලි ගන්වමින් එහෙම කිව්වා කියලත් අරංචියි.

පක්ෂේ හදනකොට මොකෙක්ව හරි ලේකම් කමට දාල මැතිවරණ කාර්යාලයට යවන්න එපැයි මුණ බලලා ඕන එකකට එහෙයියා කියන ළඟ හිටපු එකෙක් එවෙලෙට ලේකම් කියල කොලේ පිරෙව්වා එහෙම තමයි එයා ලේකම් උනේ“හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිනා සෙමින් මේ කතාබහට එක්වෙලා කියල තියෙනවා.

පොදුජන පෙරමුණ කියන්නේ බැසිල් රාජපක්ෂ,අනික් අයට ඒ ඉතිහාසය ගැන කතාකරන්න කිසිම අයිතියක් නෑ..ඒ අය මේ ඉතිහාසය ගැන දන්නෙත් නෑ එහෙම ඉන්නවනම් ඒ එකම මිනිහ මම,දැන් ඔය කෑ ගහන අයට මම කියන්නේ එන්නකෝ මා එක්ක පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකරන්න ඕනෑම සජීවී විවාදයකට“ලන්සා එහෙම කියල තියෙන්නේ පොට්ටුවේ අද කෑ ගසන අයට අභියෝගයක්ද කරමින්.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: