hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:06



පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට අවශ්‍ය බලය වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම කාරක සභාවලින් නිකුත් කරන නියෝග අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේකයක් මගින් දැනුම් දීමට නියමිත බවද වාර්තාවේ.

යම් ලෙසකින් එම නියෝග කඩකරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා වන නීති සම්පාදනය කිරීමටද නියමිතයි.

ආංශික අධීක්ෂණ කාරක සභා වැඩපිළිවෙල ඉතා සාර්ථකව සිදුවන නිසා මෙම වෙනස්කම් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: