hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 29, ප.ව. 3:30



ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වන www.parliament.lk වෙබ් අඩවියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන්ගේ පදිංචි ලිපිනයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි මන්ත්‍රීවරුන්ගේ දත්ත ඇතුලත් කොටසේ දැනට දැකගත හැකි වන්නේ කාර්යාල දුරකතන අංකය සහ රැස්වීම් දිනවල දී මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකතන අංකයක් පමණි.

නමුත් මීට පෙර එම දත්ත අතරට ඔවුන්ගේ පදිංචි ලිපිනයන් ද ඇතුලත්ව තිබුණා.

රටේ පවත්නා තත්ත්වය හේතු කොටගෙන අදාළ වෙබ් අඩවියෙන් සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදිංචි ලිපිනයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් 9 වැනි දා රට තුළ ඇති වූ කළහකාරී සිද්ධීන් නිසාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ ම නිවාස සහ දේපළවලට හානි කිරීම් රැසක් ම දිවයිනේ ස්ථාන ගණනාවකින් ම වාර්තා වුණා.

කෙසේ වුවත් මෙලෙස දත්ත ඉවත් කලද මීට පෙර වසර සහ මාස වල වෙබ් අඩවිය තිබූ ආකාරය දැකගැනීමට https://web.archive.org/ වෙබ් අඩවිය භාවිත කළ හැකිය.

ඉහත වෙබ් ලිපිනයෙන් නැරඹූ පසු සඟවා ඇති ලිපිනයන් ඔබට දිස්වෙනු ඇත.

සියළුම මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් දැනගැනීමට : https://bit.ly/3AdvpIb





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: