2024 සැප්තැම්බර් 24, පෙ.ව. 12:02
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
නිශ්චිත කාල වකවානුවක් තහවුරු නොකලත්, පසුගිය 21 පැවති ජනාධිපතිවරණයේ අවසන් මනාප ගණන් කිරීමෙන් පසු සිය ජයග්‍රාහී කතාවේදී ජනාධිපති ලෙස තේරී පත් වූ දිසානායක මහතා මේ බව ඉඟි කළේ ඉතා ඉක්මනින් පාර්ලිමෙන්තුව විසිරුවාහරින බව පවසමින්.
ජනාධිපතිවරයා ඔහුගේ පෙර ප්‍රකාශ අනුගමනය කර මේ සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, මැතිවරණයේ කාල සටහන නොවැම්බර් අග ඡන්ද විමසීමක් පෙන්නුම් කරන බව සඳහන්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආසන්න වශයෙන් 2024 සැප්තැම්බර් 25 ලෙස සැලකුවහොත්, නීතිමය රාමුව යටතේ මැතිවරණය නිවේදනය කර දින දහයක් ඇතුළත නාමයෝජනා සඳහා දින වෙන් කෙරෙන අතර නාමයෝජනා සඳහා දින හතක කවුළුවක් ඉදිරිපත් කෙරෙනු ඇති.
ඉන් පසුව මැතිවරණ දිනය පිළිබඳ නිල නිවේදනය 2024 ඔක්තෝබර් 7 වන විට අපේක්ෂා කෙරෙන අතර පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52 සිට 66 දක්වා මැතිවරණ පැවැත්වීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයට අනුව, 2024 නොවැම්බර් 22 සහ නොවැම්බර් 30 අතර මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
31-12-24
31-12-24
30-12-24
30-12-24
27-12-24
27-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24