hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 07, පෙ.ව. 9:23



රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දේශපාලන ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඊට පක්ෂය සූදානම් නොවන්නේ නම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩ දැමූ බව නොපෙනීමට තමා අන්ධයකු නොවන බවත්

“තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්.” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින්.

එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.

“අනිත් අය කියනවා යන්නේ නැහැ කියලා. අපටත් කිවුවා එහෙම කියන්න කියලා. මා ඔය කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නෑ. මගේ සියලු දේවල් දේශපාලනයට ආවේ අරහෙම කියන්නයි මෙහෙම කියන්නයි නෙවෙයි. මට ආත්ම ශක්තියක් තිබෙනවා. එමෙන්ම මට දේශපාලන චින්තනයක් තිබෙනවා. ඒ අනුව තමයි මා තීන්දු ගන්නේ. අරයා යනවා, මෙයා යනවා කියන්න මේක නෑගම් යෑමක් නෙවෙයිනේ. මේවා දේශපාලන තීන්දු.

ජනාධිපතිතුමා රට ගොඩ දමා තිබෙනවා. පැහැදිලිවම අප එය පිළිගන්න ඕනෑ. නැත්තං අප අන්ධයෝ නේ. මුළු ලංකාවෙම අපට හම්බ වෙන ඔක්කොම මිනිස්සු කියන්නේ එහෙමයි. අප විතරක් වෙනම පක්ෂයක් කියලා විවේචනය කරනවා නම් ඒ වගේ කරන්න පුළුවන් මාක්ස්වාදී කඨෝර අයට. දැන් පෝලිම් තියෙනවද? ඉන්ධන මිල ටිකෙන් ටික අඩු වෙනවා. ගෑස් පෝලිම් නෑ. ඊයේ පෙරේදා ගෑස් රුපියල් දාහකින් අඩු වුණා.“ යනුවෙන්ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ “මම නම් කියන්නේ නැහැ. ඒ අය පෞද්ගලිකව හමුවූ වෙලාවල් කියවෙනවා. සජබෙන් සැලකියයුතු පිරිසක් එකතු වෙයි. එන්න කියන මොහොතක එන ලකුණු තියෙන්නේ. අනිවාර්යයෙන් එනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: