hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 5:52



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන දේ කරන කෙනෙකු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාව පොහොට්ටුව පාලනය කළහොත් එය ආණ්ඩුවේ විනාශය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඔහු සඳහන් කරන්නේ, “අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කළේ මේ අර්බුදයෙන් මිදෙන්නනේ. ඒ එකඟතාවයට ආවේ මේ අවුරුදු දෙක එතුමාට වැඩ කරන්න අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. අනික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි කියන දේ අහන්නෙත් නෑ. නමුත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. එතුමා පරිණත දේශපාලනඥයෙක්. හිටපු අග්‍රාමාත්‍යවරයෙක්. එතුමා මෝඩයෙක් නොවෙයිනේ. එහෙම එතුමව පාලනය කරන්න. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරලා අපි එතුමව කොන්ට්‍රෝල් කරන්න හදනවා නම් ඒක තමයි ආණ්ඩුවේ විනාශය.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: