hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 12:06



තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් කොතැනකවත් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පවසා ඇතැයි වාර්තා වෙනවා.

නත්තල් නිවාඩුවට ප්‍රථම ඇමතිවරුන් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් සමඟ පැවති සුහද හමුවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

“සර් මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා සමහරු කියනවා,මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?” ඊට එක්ව සිටි ප්‍රබල අමාත්‍යවරයකු ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.

“මම තවම එනවා කියලත් නෑ, එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩකටයුතු ගොඩක් කරන්න තියෙනවා” ජනාධිපතිවරයා එම අමාත්‍යවරයාට පිළිතුරු දෙමින් එසේ පවසා ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: