hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:16



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් පිල් මාරුවකට සැරසෙන බව මේවන විට වාර්තා වනවා.

ඒ අනුව පළමු හෙළිදරව්ව සිදු කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතායි.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව තරඟ වැදීමට සූදානමින් සිටින බවයි.

එම පිරිස 30ක් 40ක් පමණ පිරිසක් වනු ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයිද එම තොරතුරු ඉදිරියේදී අනාවරණය කරනු ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇති බවද තමන් කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර මහමුද් බාලිකා විදුහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: