hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 17, ප.ව. 1:51



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එහීදි ඉදිරියේදී සිදු කරන කැබිනට් සංශෝධනය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට විමසා ඇත්තේ කැබිනට් ඇමතිධූර ලබා දිය යුත්තේ කාටද? යන්නයි.

“මම ඔය ජනාධිපතිවරුන්ට උපදෙස් දෙන උපදේශකවරයෙක් නෙමෙයිනේ. ගෝඨාභය ජනාධිපතිවරයා හිටයා. ඔහු ඇමතිවරුන් පත් කර ගත්තා. මෙන්න මෙයාව ඇමති ධූරයකට පත් කරන්න කියලා මම කිසිම දවසක බලෑමක් කළේ නෑ. මම කිසිම වෙලාවක ඔබතුමන්ටත් මම ඇමති ධූර ලබා දීම ගැන කිසිම බලපෑමක් කරන්නේ නෑ.” හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: