hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 8:01



වසර අවසානය වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් සඳහා සාදයක් පවත්වා තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.

මෙම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්සකුට්ටිආරච්චි පැමිණ ඇත්තේ ඡායාරූපයක්ද රැගෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ.

ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. එකල ජනාධිපතිවරයා සමග ගත් පැරණි ඡායාරූපයක්ද රැගෙන පැමිණි මන්ත්‍රිවරයා ‘‘මේක තමයි මම ඊළඟ ඡන්දයට පාවිච්චි කරන ෆොටෝ එක’‘ යැයි ප්‍රකාශ කර තිබෙනවා.

‘‘අයියෝ කුට්ටි ඕක කලින් පෙන්වන් ඕන එකක්. ළඟදී රාජ්‍ය ඇමැතිකම් දෙන්නේ නැහැ.” එය දුටු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

‘‘රාජ්‍ය ඇමැතිකම් දුන්නොත් මම එපා කියන්නෙත් නැහැ. මම පැරැණි යූඑන්පීකාරයානේ. රාජ්‍ය ඇමැතිකම් දෙනකොට ඒවත් බලන්න,’’ ජානක තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රාත්‍රි භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ අගමැතිවරයායි. ඊට ජනාධිපතිවරයාද සහභාගී වී සිටි බවත් එහිදී පොහොට්ටු මන්ත්‍රීන්ට උපදෙස් දී තිබූ බවත් එම ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: