hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:49



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එම අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ ඉහලම තැනකින් ඉල්ලීමක් ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

එහෙත් මේ වන තෙක් අමාත්‍යවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොමැත.

අමත්‍යවරයා සතුව ක්‍රීඩා හා මහවැලි විෂය පථයද පවතින අතර ඔහුට ඉවත් වන ලෙස දන්වා ඇත්තේ ක්‍රීඩා විෂයෙන් පමණක් බවද වාර්තාවේ.

ක්‍රීඩා සංගම් සහ අමාත්‍යවරයා අතර දිගින් දිගටම පවතින අර්බුධකාරී තත්වය බලපා ඇත්තේ ක්‍රීඩා වලට බැවින් මෙය කෙසේ හෝ විසඳා ගත යුතුව ඇති අතර එසේ නොවුන හොත් එය රටට විශාල පාඩුවක් වන බවද එම බලධාරියා අමාත්‍යවරයාට දැමුම් දී ඇති බවද දන ගන්නට ඇත.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: