hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 20, පෙ.ව. 10:09



ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවත් ඉන්පසුව පත් වූ රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා නිසා ඔවුන් සුරසැප ජීවිතයක් ගත කර කර බවත් ඔවුන්ට තෙල් ප්‍රශ්න ආහාර මිල ඉහළ යාම ගැටලුවක් නොමැති වී ඇති බවත් මේ ජනාධිපතිවරයා නිසා ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

සාමකාමී අරගලය යන්න ඉතා හොඳින් තමා පිළිගන්නා මුත් අරගල තුළින් ගෙවල් ගිනි තැබූ, මිනිසුන් ඝාතනය කළ, රාජ්‍ය දේපල විනාශ කළ ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඇති ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරනවා යැයි පැවසීම විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා යම් හෙයකින් මැතිවරණයක් නොදුන්නහොත් සාමකාමී අරගලයක් සඳහා සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පෙබවාරි 20 වැනි දා සිට මහ පාරේ ජන අරගලයක් ආරම්භ කර මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

කඹුරුපිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: