hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 6:24



ඊයේ (14) පාර්ලිමේන්තුවට 2023 අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී සුහද පිළිසඳරක නිරත වී ඇති එම දෙපල අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා අගමැති දිනේෂ ගුණවර්ධන මහතා සමඟද සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසන්නේ මේ වනවිට සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග යම් අවබෝධයක් ගොඩනැගිය යුතු යැයි තීන්දු කර රන්ජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනෙකුගෙන් විතර කණ්ඩායමක් පත් කර අවසන් බවයි.

සජිත්ටත් ඒ බව වැටහී ඇති බවත් මේ අවබෝධය තුළින් පුළුවන්නම් පුද්ගලයන් විදියට නොව පක්ෂය හැටියට ආණ්ඩුවක් නිර්මාණය කර හොඳ සංවර්ධනාත්මක අමාත්‍යාංශ 10ක් එක්ක රට හදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

“එක වෙලාවක හර්ෂ කිව්වා ‘‘මම කොහොමත් යනවා’’ කියලා. එතකොට කිව්වා ‘‘ඔයා පරදියි’’ කියලා. එයා කිව්වා ‘‘පැරදිලා ගෙදර ගියත් කමක් නෑ මම මගේ යුතුකම ඉෂ්ට කරනවා’’ කියලා. ඒ වගේ උච්ඡ අවස්ථාවකටත් ආවා. ඒ වෙලාවෙදිත් මම කිව්වේ නෑ ‘‘එහෙම යමු’’ කියලා. අද මම කියන්නෙත් නෑ ආණ්ඩුවට එකපාරටම යමු කියලා. ඒ සඳහා යම් වැඩපිළිවෙළක් හදාගන්න ඕනෑ. එවැනි වැඩපිළිවෙළකට එරෙහිව අපි ක්‍රියා කරන්නත් නරකයි.” යැයි ඔහු කියා සිටියා.

“ඉස්සෙල්ලාම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මම හිතනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. මම මන්ත්‍රීවරුත් එක්ක පෞද්ගලිකව කතා කළාම ඒ අය ඔක්කොම එකඟයි මේකට. මේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදිය හැකියි. එහෙම නැත්නම් දෙවැනි ලෝක යුද්ධය වෙලාවෙදි එංගලන්තයෙ ක්ලෙමන්ට් වැට්ලි චර්චිල්ට අභි​යෝගය දුන්නේ විපක්ෂයේ ඉඳගෙන. විපක්ෂ  නායක ධුරයක් හොබවමින් තමයි ඇට්ලි   සහයෝගය දුන්නෙ. ඒ විදියට වුණත් මෙතැනදි අපිට කටයුතු කරන්න පුළුවන්. විපක්ෂ නායක කමත් සජිත් තියාගන්නවා. කීප දෙනෙක් ඒ ආණ්ඩුවේ වැඩ කරනවා. හොඳ ප්‍රබල අමාත්‍යාංශ 10ක් විතර වැඩක් කරන්න පුළුවන් අය බාර අරගෙන එක ඉලක්කයට වැඩ කළොත් මේ රට ගොඩගන්න පුළුවන්.” යනුවෙන් සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: