hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 23, පෙ.ව. 4:19



පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක් කරගනිමින් ඉලක්ක ගත වැඩපිළිවෙලකට යා හැකි නම් එය ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයාට මතක් කර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

විපක්ෂයේ දක්ෂ පුද්ගල කණ්ඩායම් සිටින බවත් ජනාධිපතිවරයා ඒ සඳහා පැහැදිලි යෝජනාවක් සිදුකරන බවත් වසරක් යනතුරු ඡන්දයක් නොමැති බවට සේයාවක් පෙනෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

විපක්ෂයේ සිටින ඇමතිකම් ලබාදිය යුතු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සහ ඇමතිධූර ගැනත් ඔහු සඳහන් කළා.

ඒ අනුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හොරු අල්ලන ඇමතිකම ලබා දෙන ලෙසත්, ඔහුට පූර්ණ බලතල සහිත වසරක් වැඩ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඊට අදාල නීති මදිනම් පාර්ලිමේන්තුවට නීති රෙගුලාසි ගෙන එන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.

චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විදේශ කටයුතු ඇමති ධූරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලා සිටින බවත් ඒත් මදිනම් උප අගමැති ධූරය ලබා දීමට තමා ඇතුළු කණ්ඩායම සහය දෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ වැනි විපක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් ද 75 වසරක සාපය ගැන ඒ ආණ්ඩුවල සිටි සෘජුව සහ වක්‍රව මේ පුටුවල සිටි අය දායකත්වය ලබා දුන් බවත් නමුත් 75 වසරක සාපය කියා ගෙන පසුපෙල මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: