hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:19



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළා.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබුවා.

එහෙත් සාමාජික මන්ත්‍රී ලැයිස්තුවට මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ඇතුළත් වී නොතිබිණි.

තම පක්ෂය එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: