hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:44



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය පිළිබඳ අර්බුදය පක්ෂය ආරම්භයේ සිටම පවතින්නක් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පවසනවා.

මහනුවර අද (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පලකල ඒ මහතා කියා සිටියේ “1951 වසරේ පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදීම බර්නාඩ් අලුවිහාරේ, බදුර්දීන් මහමුද් හා තංගරාජා යන මහත්වරුන් තිදෙනාම සම ලේකම්වරු වශයෙන් පත්කිරිමට බණ්ඩාරනායක මහතාට සිදුවවුණා. ලේකම් ධූරයේ කටයුතු කළ බර්නාඩ් අලුවිහාරේ මහතා පක්ෂය කඩාගෙන එක්සත් ජාතික පක්ෂය හා එකතු වුණා. අදත් ඒ වගේ දේවල් වෙනවා.” යනුවෙනුයි.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් නෙවෙයි ඕනෑම පක්ෂයක නායකත්වයට හා පක්ෂ ව්‍යවස්ථාවට සියලූ සාමාජිකයෝ ගරු කළ යුතුයි. පක්ෂ විනය ආරක්ෂා කර ගත යුතුයි. මේවා උල්ලංඝනය කරන අය ඉවත් කිරීමේ හැකියාව පක්ෂ නායකත්වයට තියෙනවා. දයාසිරි ජයසේකර හිටපු ලේකම්තුමාට එල්ල වෙන චෝදනා පිළිබඳව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරිමෙන් පසුව තමයි නිශ්චිතව දැන ගන්න පුළුවන් වෙන්නේ. හිටපු ලේකම් තුමා කියන විදියට ඔය ලක්ෂ ගණන් ඔට්ටු අල්ලපු කතා පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දෙන කතා නිකම්ම කතා විතරයි. ඒ මහතාට දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් ඒක නම් අපි දන්නවා. රටේ පවතින තත්ත්වය අනුව කිසිම කෙනෙකුට, පක්ෂය කට තනි ගමනක් ගිහින් ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මම පක්ෂයේ මහලේකම් වුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න සියලු දෙනා එකතු කරගෙන අපේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: