2023 අගෝස්‍තු 28, පෙ.ව. 9:42
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ට විරුද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වෙනවා.
ඒ නිලාවේලි ගෝකන්න විහාරය ඉදිකිරිම සඳහා ආණ්ඩුකාරවරයා විසින් සිදුකරන බාධා වහාම නතර කරන ලෙස ඉල්ලමින්.
ගෝකන්න විහාරය සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබෙනවා.
ස්වාමීන්වහන්සේලා විශාල ප්‍රමාණයක්ද මේ සඳහා වැඩම කර සිටින අතර උන්වහන්සේලා ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගයේ වැතිර සිට මෙම විරෝධතාව දියත් කරමින් සිටිනවා.
මොරවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් ඇතුළු ගිහි පැවදි පිරිසක් මේ සඳහා එක්ව සිටිනවා.
ඒ වන විට දිසාපති කාර්යාලයේ පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමද මෙම බාධා කිරිම් මධ්‍යයේ පැවැත්වු අතර එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා දිසාපති කාර්යාලයට යැමට නොහැකි නිසා ආපසු හැරි වෙනත් මගකින් ගිය අතර එම කමිටුවේ අනෙක් සම සභාපති වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා රැස්විමට සහභාගී වී තිබෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25