hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 11:01



සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු නුදුරු දිනයකදී ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.

ඔහු පසුගිය ආණ්ඩු කිහිපයකම ඇමැති ධුර හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවයි වාර්තා වන්නේ.   

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන්ද දැනුවත්ව සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ, ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද වාර්තා වනවා.

මෙම හිටපු ඇමැතිවරයා සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ විය යුතු බවට කාලයක සිටම මත පළ කළ අයෙක්.

ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම්වලදී පවා මෙම කාරණය දැඩිව පෙන්වා දී තිබූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.   

මීට අමතරව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තවත් කිහිප දෙනෙක්ද සමගි ජන බලවේගය පක්ෂය රට ගොඩගැනීම සඳහා මේ මොහොතේදී ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ යුතු බවට පසුගිය කාලය පුරා අදහස් ඉදිරිපත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: