hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 26, පෙ.ව. 10:13



සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවයි ඔහු චෝදනා කරන්නේ.

සමගි ජන බලවේගයේ නායකයින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව බේරුවල නගරාධිපතිවරයා සඳහන් කළා.

“අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් මට කළා. ඒවා තුළින් ජනතාව දැන් සම්පූර්ණයෙන්ම කෝපවෙලා ඉන්නේ. ජනබලයත් එක්ක තමා අපි නායකතුමා හම්බෙන්න ගියේ. නමුත් මෙතෙන සමගිය ඇති කරන්න ඕන කට්ටිය අසමගියක් ඇති කරලා තියෙනවා. අද ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා සමගි ජන බලවේගය බේරුවල ආසනය. මෙහෙම ගිහින් කොහොමද ලංකාව ගොඩ ගන්නේ. නායකතුමාගේ නායකත්වය එතැන පෙන්නුම් කළේ නෑ. මේ වගේ ශක්තිමත් නොවන නායකයෙක් රට කොහොමද පාලනය කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: