2023 ජනවාරි 31, පෙ.ව. 7:30
 
            
“හිටපු ජනපතිට අධිකරණයෙන් අවවාද” යන සිරස්තලය යටතේ ප්‍රචාරය කරන ලද ප්‍රවෘත්තිය කරුණු වරදවා දක්වමින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දීමකට අනුව එදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා විනා උක්ත ප්‍රවෘත්තියේ දක්වා තිබූ පරිදි එවැනි කිසිඳු සිදුවීමක් සිදු නොවූ බවයි.
එම නිවේදනය පහතින්,
මාධ්‍ය නිවේදනයයි.
පසුගිය දිනයන්හි ඇතැම් මාධ්‍ය විසින් දිගින් දිගටම ප්‍රචාරය කරන ලද “හිටපු ජනපතිට අධිකරණයෙන් අවවාද” යන සිරස්තලය යටතේ ප්‍රචාරය කරන ලද ප්‍රවෘත්තිය කරුණු වරදවා දක්වමින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. ගරු 6 වන විධායක ජනාධිපතිතුමන් අධිකරණයේ දැනුම්දීමකට අනුව එදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා විනා උක්ත ප්‍රවෘත්තියේ දක්වා තිබූ පරිදි එවැනි කිසිඳු සිදුවීමක් සිදු නොවූ බවට ප්‍රකාශ කරමු.
ස්තුතියි
මෙයට
තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
30-10-25
 
                                            30-10-25
17-10-25
 
                                            17-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
08-10-25
 
                                            08-10-25
05-10-25
 
                                            05-10-25
30-09-25
 
                                            30-09-25
26-09-25
 
                                            26-09-25
24-09-25
 
                                            24-09-25
24-09-25
 
                                            24-09-25