hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 7:05



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ඩාර්ලි පාරේ පිහිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී රැස් වුණා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කර තිබෙනවා.

ශ්‍රීලනිප මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පසුගිය දා කටයුතු කළා.

කෙසේ වෙතත්, සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇති බව සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: