hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 16, ප.ව. 1:15



ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයත් වගකීම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක සාගර කාරියවසම් මහතාට පැවරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන විවාදය සංවිධානය කිරීමේ වගකීම සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට පැවරෙනු ඇති.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට මෙම වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථා විවාදය සංවිධානය භාරව සිටින ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ව්‍යවස්ථා විවාදය පැවැත්වෙන දිනවල පෞද්ගලික විදේශ චාරිකාවක් සඳහා ප්‍රංශය බලා ගොස් සිටින බැවින්.

ඔහු නැවත පැමිණෙන්නේ ව්‍යවස්ථා විවාදය හමාර වූ පසුව බවයි වාර්තා වන්නේ.

සාගර කාරියවසම් මහතා 22 ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම සිය පක්ෂය සහයෝගය නොදෙන බව මේ වන විටත් විවෘතවම ප්‍රකාශ කර සිටින මන්ත්‍රීවරයෙක්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: