hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:52



තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

ආණ්ඩුවට එක්ව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන කිහිප දෙනකු එහි මූලිකත්වය ගෙන සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

දැනට තනතුරු නොමැතිව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සම්බන්ධ වීමේ සූදානමක සිටින බව වාර්තා වනවා.

ඊළඟ මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය සමග ඍජුව සම්බන්ධ නොවී වෙනම කණ්ඩායමක් ලෙස එජාපය සමග සන්ධානගත වීමේ අරමුණෙන් මෙම පිරිස වෙනම සංවිධානය වීමේ සූදානමක සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: