hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 02, පෙ.ව. 3:20



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ජාතික සංවිධායක ලෙස නම් කර ඇත්තේ සපුමල් වලව්වත්ත නැමැත්තෙකු බවත් මැතිවරණ කොමිසමේ ඇති ලිපි ලේඛන වල පවා ඇත්තේ එම පුද්ගලයාගේ නම බවත් ඔහු අනාවරණය කළා.

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මහතා දිගින් දිගටම රටට බොරු කරමින් සිටින බවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති පක්ෂ ව්‍යවස්ථාව සහ මැතිවරණ කොමිසමට ලබාදී ඇති පක්ෂ ව්‍යවස්ථාව වෙනස් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළේ සාගර කාරියවසම් බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ලිපියක් යොමුකර ඔහු එම කාර්යයට දායක වූ බවත් ඔහු පොදුජන පෙරමුණ තනිව පාලනය කරන තත්වයට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: