hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 18, ප.ව. 12:46



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

පෙරවරු 11.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙන්ම පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිනවා.

මේ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව තිබුණද මේ මොහොත වන තෙක් ඔහු පැමිණ නැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: