hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 01, පෙ.ව. 9:18



ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණයට තවත් වසරකටත් වැඩි කාලයක් තිබෙන බැවින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන්සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී බව ද, මැති ඇමතිවරුන්ට දන්වා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළා.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන්ද පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇතැයි දැනගන්නට තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන් සිටම අදහස් ප්‍රකාශ කිරීම පක්ෂයේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවද ඔවුන් පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර යන මහත්වරුන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: