hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 9:32



පාර්ලිමේන්තුව විසුරුවා හරින කාලය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර තිබෙනවා.

ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17) රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමින්.

මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවයි.

එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව යි.

එය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: