hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 9:01



ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්.

එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව පැවසූවේ දැදිගම ප්‍රදේශයේ ඊයේ (11) පැවැති වැඩසටහනකට එක්වෙමින්.

එය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලන කණ්ඩායම් සමග මේ වන විටත් සාකච්ඡා අරඹා තිබෙන බව වාර්තා වනවා.

එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බල කඳවුර කඩා වැටීමට නොදී රැක ගැනීම පිණිසත්, ඉදිරි මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණ ප්‍රධානව ආරම්භ කරන මෙම නව සන්ධානය තුළින් තම පාර්ශ්වයට ජනතාවට ඉටු කළ නොහැකි වූ බලාපොරොත්තු ඉටු කර දීමට කටයුතු කරන බවද රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොදුජන පෙරමුණ නායකත්වය ලබා දෙන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: