hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:22



තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

උද්දික ප්‍රේමරත්න එහි දී පැවසුවේ තමන් 2020 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණියේ ක්‍රම වෙනසක් (system change) සඳහා වුවත් එම වෙනස අද වනතුරුම පාර්ලිමේන්තුව තුළ හෝ සමාජය තුළ සිදු වී නොමැති බවයි.

එහෙත් සමාජය වෙනස් කිරීමේ අරමුණ තවමත් තමන් සතුව පවතින නිසා ඒ සඳහා ගමන තනිවම ආරම්භ කරන බවත් එම සිස්ටම් චේන්ජ් එකට තමන් නායකත්වය දෙන බවත් පැවසූ හෙතෙම, පටු දේශපාලන අරමුණුවලින් තොර සැබෑ යහපත් පුරවැසියන්ට තමන් සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ප්‍රකාශ කළා.

එහි මූලික පියවර වශයෙන් තමන් මෙසේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි උද්දික ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: