hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 10:06



එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සංවත්සර කමිටුව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුවද හදිසියේම ජනාධිපතිවරයා වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගියද හමුව පැවැත්වුණා.

රුවන්,රවී ,අකිල,සාගල,රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියා.

මෙහිදී රවී කතාව පටන් ගත්තා “පක්ෂ සංවත්සරයේ ආරාධනා පත්‍රයේ වැරද්දක් තියනවා මේකේ තියෙන්නේ 56 කියලා,මේක 77 වෙන්න ඕනා.”රවී පිරිස දෙස බලමින් කිවත් රංගේ දෙස බැලුවේ නැත.

ඊට හේතුව මහලේකම් තනතුරට රවිද ඇස ගසාගෙන සිටීමය.එම නිසා රවී මෙහි වැරද්දක් සෙව්වා වන්නට පුළුවන්.
නෑ මේක 56 වැනි සම්මේලනය”රංගේ කිව්වා.

එහෙත් ඔහු රවී දෙස නම් බැලුවේ නැත.

අවසානයේ සිදුවුයේ සිරිකොත පාලන අංශයේ පැරණිම සාමාජිකාව වූ ඉවෝන්ට කතාකර සම්මේලන පොත ගේනවා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමයි.

ආරාධනා පත්‍ර 56 සහ 77 යන දෙකෙන්ම ගහලා තියනවා දැන් මේක වෙනස් කරන්න ගියොත් අමතර මුදලක් යනවා”රංගේ එහෙම කියද්දී රවී ඇතුළු පිරිසක් ඊට විරුද්ධ වුණා.

අවසානයේ පෝස්ටර් සහ ආරාධනා පත්‍ර 77 වැනි සංවත්සරය යනුවෙන් සටහන් කොට බෙදා දීමට කට්ටියම කැමතිවෙලා තියනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: