hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 1:09



වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති නිසා ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි සමස්ත වතුකරයේ ජනතාවගේම පුර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් (සමගි ජන බලවේගය) මහතා පැවසුවා.

වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක මලයගම් 200 නමින් එලි දැක්වු පොතක උත්සවයේ ආරාධිතයෙකු වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වුවද එම ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට හෝ ඔහුන්ගේ යටිතල පහසුකම් නංවාලිමට මේ රටේ කිසිදු පාලකයෙකු කටයුතු නොකල බවයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තම ජන්දය භාවිතා කරනු ලබන්නේ තම ජනතාවගෙන් අදහස් විමසා ඔහුන්ගේ තිරණය අනුව බවයි වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර එම උත්සවයට ආරාධිතයෙකු වශයෙන් සහභාගි වු පා.ම දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවේදි කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ජන්දය ලබාදෙන බවයි.

එම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ රටේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය කඩා වැටිමට පුර්ණ සහය දැක්වු පිරිසක් ලෙස මේ රටේ ජනතාව තිරණය කරන බවයි වි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: