2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:25
මින් ඉදිරියට දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත පොලිස් නිළධාරින්ගේ උසස්වීම් ස්ථාන මාරු සිදුනොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (25) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙරට ජනතාව ලබාදුන් ජන වරමට අනුව වගකීමකින් සහ බැඳීමකින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවයි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ.
පසුගිය කාලවකවානුව තුළ පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු විශ්වාසය බිඳ වැටී ඇති බවත්, යළි විශ්වාසය ගොඩනඟා ගනිමින් ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට විශාල වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව කිසිඳු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව පොලීසියට කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන බවට විජිත හේරත් මහතා එහිදී සහතික වූවා.
එමෙන්ම දැනට විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන පාස්පෝර්ට් ගැටළුව කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25