hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 9:08



Meta සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවටම WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට WhatsApp හරහා නව පහසුකමක් හදුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Groups වල දැනට Message යැවීම පාලනය කිරීම සඳහා Admins සඳහා පමණක් Messages යැවීම සඳහා සැකසිය හැකියි.

නමුත් අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වෙනවා.

ඒ සඳහා විසදුමක් මේ වන විට Meta සමාගම හදුන්වා දී තිබෙනවා.

Group Settings වල මේ පහසුකම පෙන්වන ලබන අතර එහි Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි අතර ඒවා වෙනම ස්ථානයක Adminට පමණක් පෙන්වන බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස් වෙනවා.

මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Meta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් Public Versions එකක් ලෙස ලබා දෙන බවයි එම ආයතනය පවසන්නේ.