2026 ජූනි 11, ප.ව. 10:16
ලෝක පාපන්දු ඉතිහාසයේ විශාලතම තරගාවලිය වන FIFA ලෝක කුසලාන 2026 අද නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.
රටවල් 48ක් සහභාගී වන මෙම තරගාවලිය අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව විසින් සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, තරග 104ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
සමාරම්භක තරගයේදී මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.
මෙම තරගය Group A කාණ්ඩයට අයත් තරගයක් වෙයි.
මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා රටවල් 48ක් එක්වන අතර එම රටවල් මූලික වටයේදී කාණ්ඩ 12කින් තරග වදිනවා.
කණ්ඩායම් 32ක් මූලික වටයෙන් මීලඟ වටයට සුදුසුකම් ලබන අතර 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය ජූලි මස 19 වනදා අමෙරිකාවේ මෙට් ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

2026 ජූනි 10, ප.ව. 11:42
2026 ජූනි 09, ප.ව. 11:51
2026 ජූනි 08, ප.ව. 12:54
2026 ජූනි 06, ප.ව. 11:06
2026 ජූනි 06, ප.ව. 6:45