hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 1:45



අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට බදුන් කළ  ශ්‍රී ලංකා හිටපු  ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා , එම සම්මාන රැගෙන ඊයේ (17) රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එහිදී  සිය අදහස් ප්‍රකාශ කළ අරවින්ද මෙසේ පැවසුවා.

“මේ අවස්ථාවේ මට උදව් කළ දෙමාපියන් , ගුරුවරුන් , මගේ අමාරු අවස්ථා වලදී මට අතහිත දුන් හිතවතුන් මෙන්ම ලෝකය වටේම ඉන්න මගේ ක්‍රිකට් ලෝලීන් මම සිහිපත් කරනවා.”

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය පිළිබඳ අදහස් දැක්වූ අරවින්ද, 

“ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි . පරාජය ක්‍රීඩාවට ආවේනික පොදු දෙයක් .අපි කෙටි කාළීන සැළසුම් වලින් බැහැරව දිගු කාළීන සැළසුම් සකස් කර කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතුයි . ඒ සදහා ක්‍රීඩකයින්ට අවශ්‍ය නිවැරැදි මග පෙන්වීම, අතහිත දීම සිදු කළ යුතුයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීම සිදු කළ යුතු අතර නීතීඥ සහාය ද අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කළ යුතුය.”

එසේම දැනට ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව සොයා බලා ඒ සදහා නීත්‍යනුකූලව පිළියම් යෙදීමට පියවර ගත යුතු බව ද පැවසුවා.

අවසාන වශයෙන් සියලු දෙනා එක්ව, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා පොදු සැලැස්මක් යටතේ කටයුතු කළ යුතු බව ද අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: