2024 ජනවාරි 03, ප.ව. 4:09
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබෙනවා.
එහි මූලික සංචිතය පසුගියදා නම්කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් විය.
එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව පැවසීය.
එම 17 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය පහතින්.
කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
නුවනිඳු ප්‍රනාන්දු
දසුන් ශානක
ජනිත් ලියනගේ
මහීෂ් තීක්ෂණ
ඩිල්ශාන් මධුශංක
දුෂ්මන්ත චමීර
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුශාන්
ජෙෆ්රි වැන්ඩර්සේ
අකිල ධනංජය
මීට අමතරව එම සංචිතය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නම්කර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තරග සඳහා ක්‍රීඩා කිරීම තීරණය කරන බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51
23-08-26
23-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
05-08-26
05-08-26
27-07-26
27-07-26
26-07-26
26-07-26