hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 18, ප.ව. 10:17



2026 පාපන්දු ලෝක කුසලානයේදී මූලික වටයේදී ආර්ජන්ටිනාව , ප්‍රංශය සහ එංගලන්තය ජයග්‍රහණයන් වාර්තා කිරීමට සමත් වුණා.

ආර්ජන්ටිනාව ගෝල 3ට 0ක් විදිහට ඇල්ජීරියාව පරාජය කළේය.

මෙම තරගයේදී ආර්ජන්ටිනා නායක ලියොනල් මෙසී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා.

ප්‍රංශය ගෝල 3ට 1ක් ලෙස සෙනගාලයත්, එංගලන්තය විසින් ක්‍රෝඒෂියාව ගෝල 4ට 2ක් ලෙසටත් පරාජය කළහ.

ප්‍රංශය වෙනුවෙන් කිලියන් ම්බැපේ හා එංගලන්තයේ හැරී කේන් ද ගෝල 2 බැගින් වාර්තා කළේය.

නමුත් පෘතුගාලය හා කොංගෝ කණ්ඩායම අතර තරගය ගෝල 1ට 1ක් ලෙස අවසන් විය.

පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරගයේදී එකඳු හෝ ගෝලයක් ලබා ගන්නට නොහැකි වුණා.

රොනාල්ඩෝ සහ මෙසී මෙවර පාපන්දු ලෝක කුසලානයට එක්වන්නේ 6 වැනි ලෝක කුසලාන තරගාවලිය ලෙසටයි.