hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි 16, ප.ව. 1:54



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව 

වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා රජය විසින් අතුරු කමිටුවක් පත් කිරීමත් සමඟ පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මෙම කණ්ඩායම පැමිණෙන බවයි සඳහන් වන්නේ.

ICC උප සභාපති ඉම්රාන් කවාජා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම නියෝජිත පිරිසට ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ක්‍රිකට් පරිපාලනය සඳහා රජය මැදිහත් වී අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සහ ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ බව බවයි දැක්වෙන්නේ.

ඉම්රාන් කවාජා ඊයේ (15) රාත්‍රියේ මෙරටට පැමිණී අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු සෙසු පිරිස අද (16) මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.