hit counter

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 20, ප.ව. 8:02



දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. 

ඒ පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙනි. 

ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. 

මේ පිළිබඳව පාකිස්තාන ජනතාවගෙන් සහ සුපර් ලීග් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව දසුන් ශානක ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඔහු මෙවර සුපර් ලීග් තරගාවලියේ Lahore Qalandars කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි විය.