hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 12:22



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමග තරගයේදී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියද ලංකාවේ කණ්ඩායම පමණක් නොවන බව ද පැවසූ ඔහු ඉන්දීය කණ්ඩායමේ මේ මොහොතේ සියළු අංශයන්ගෙන් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතු බවද කියා සිටියා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයේදී පසුව පහරදුන් අවස්ථාවේ තණතිල්ල හැසිරීම වෙනස් වූ බවත් එය තම පිතිකරුවන්ට අවාසිදායක වූ බව ද හෙතෙම තවදුරටත් ඒ දී කියා සිටියේය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්  පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජනක් හෝ බාහිර බලපෑම්ක් එල්ල වූයේ නොමැති බවය.

“ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. අපි පරාජය වීම බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළේ නැහැ. මටවත් අපේ ක්‍රීඩකයන් කිසිම කෙනෙක්ට ක්‍රිකට් ආයතනයෙන් කිසිම බලපෑමක් ආවේ නැහැ. රට වෙනුවෙන් අපි හැමදාම සෙල්ලම් කරනවා.” යනුවෙන්ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: