hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 1:14



“සමහර අය ප්‍රශ්න කරලා තිබ්බා මට ලැබෙන වැටුප ගැන. මට වේතනයක් ගෙවන්නේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ මගේ දැනුමට.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

ජයග්‍රහණය කිරීමට තිබූ තරග පරාජය වූයේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හේතුවෙන් බවත් පන්දු යැවීමේ අංශයේ අඩුපාඩු විශේෂයෙන්ම සකස් කර ගත යුතුව ඇති බව ද ඔහු එහිදී ඔහු ප්‍රකාශ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සමහර අය ප්‍රශ්න කරලා තිබ්බා මට ලැබෙන වැටුප ගැන. මට වේතනයක් ගෙවන්නේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ මගේ දැනුමට. අපි ක්‍රීඩා කරන කාලේ වුණත් අපේ කණ්ඩායමේ විදේශ පුහුණුකරුවෝ හිටියා. මේ වේතනය ලංකාවේ නෙවෙයි. ලෝකේ හැම පුහුණුකරුවෙකුටම වගේ ගෙවන එකක්. එතකොට ලංකාවෙ අපිටත් ඒ ගාන ගෙවන එක කළ යුතුයි. අපිට අපේ කෙනෙක් දෙයක් කරද්දි අගය කරන්න බැහැ. මේ රට අද මේ තත්ත්වයට පත්වෙන්න මේක ලොකු හේතුවක්. මේ තරුණ ක්‍රීඩකයෙක් එක්ක අපි මැච් 30 ගාණක් ගහලා එකේ 20 ගාණක් දිනලා ට්‍රැක් එකට එන ගමන් ඉන්නේ. ඒත් කට්ටිය හිතෙනවා නම් මං මේ තනතුරට නුසුදුසුයි, මට වඩා හොඳ කෙනෙක් ව අඩු වැටුපකට අරන් මේ දේ කරන්න පුලුවන් කියලා, මං කියනවා අදාළ බලධාරීන්ට ඒ තිරණය ගන්න කියලා. අපිට ඕනේ අපේ ක්‍රිකට් හැදෙන්න එච්චරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: