hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2026 ජූලි 07, පෙ.ව. 10:09



මෙවර පාපන්දු ලෝක කුසලානයේ ස්පාඤ්ඤය සමග අවසන් 16 දෙනාගේ තරග වටයේදී පෘතුගාලය ගෝල 1ට 0ක් ලෙස පරාජයක් අත් විඳ ගත්තා.

මේ සමග පෘතුගාලය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වූ අතර අර්ධ අවසන් පූර්ව වටයට ස්පාඤ්ඤය සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.

මෙම පරාජයත් සමග ලොව බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලෝක කුසලාන දිවියට සමුදීම ද සනිටුහන් කළා.

පාපන්දු ලෝක කුසලාන හයක් නියෝජනය කළ දෙවැනි ක්‍රීඩකයා වන රොනාල්ඩෝ ලියොනල් මෙසී සමග එමවාර්තාවේ සමතැන් ගෙන සිටිනවා.

පාපන්දු පුරාවෘත්තයේ ලෝක කුසලාන ගමන මෙලෙසින් නිමාව දුටුවේ එකඳු හෝ පාපන්දු ලෝක කුසලානයක් ජය ගෙන නොමැතිවීමත් ධෛයිවෝපතගත් සිදුවීමක් වනු ඇති.