hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2026 ජූලි 28, පෙ.ව. 12:18



ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ප්‍රබල ලෙස ගොඩනැගීමේදී මුහුණදෙන ගැටලු සහ අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි උන්නතිය, ව්‍යුහාත්මක වෙනස්කම් සහ ජාත්‍යන්තර මට්ටමේ සාර්ථකත්වය වෙනුවෙන් රජයේ දායකත්වය සහ පූර්ණ සහයෝගය උපරිමයෙන් ලබාදීමට සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.