hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 24, ප.ව. 1:53



පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස ක්‍රියාකරන අවසන් දවස අද (24) බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තම නිල ෆේස්බුක් පිටුවට වීඩියෝ පටයක් මුදා හරිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය සහ කාර්ය සාධනය ගැන තමන් ඉතා ම සතුටු වෙන බවත් ලසිත් මාලිංග මෙහි දී අවධාරණය කර සිටියා.

කෙසේ වුවද පුහුණුකරුවෙක් වශයෙන් සමුගැනීමට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් 19න් පහළ කණ්ඩායමේ නායක මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාල‌ගේ හට ඔහුගේ ක්‍රිකට් ජීවිතයට වැදගත් වන තමන් සතු වටිනා දෙයක් ඔහු වෙත ලබා දෙන බවත් මාලිංග මෙහිදී අදහස් දක්වා තිබුණා එම වීඩියෝව පහතින්

https://www.youtube.com/watch?v=fJ322LUk3_c




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: