hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 9:40



දිවයිනට බලපා තිබෙන අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උපකාර කිරීම සඳහා ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව පාකිස්ථාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සියලුම මුදල් අපේම රටේ ජනතාව වෙනුවෙන් ලබා දීමට ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.

ශ්‍රී ලංකාව,සිම්බාබ්වේ හා පාකිස්ථානය එක් වූ තුන්කොන් T20 තරගාවලියේ අවසන් තරගය අද පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.