hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17



වයස 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටය ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේ ඇෆ්ගනිස්ථානය කඩුලු 2කින් පරාජය කරමින්.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශය ද යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 235ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදී කඩුලු 8ක් දැවී ලකුණු 238ක් ලබා තරගය ජයගත්තේය.