hit counter

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් 17, ප.ව. 9:57



බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තරග තුනකින් යුත් T 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමේ අරමුණ මත චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.

ආබාධයකට ලක් වූ විශ්මි ගුණරත්නට මෙම තරගාවලිය අහිමි වි ගොස් තිබෙනවා.

එක්දින තරග අප්‍රේල් 20, 22 සහ 25 යන දිනවල රාජ්ෂාහි හිදී පැවැත්වෙන අතර, T20 තරග අප්‍රේල් 28, 30, සහ මැයි 2 යන දිනවල සිල්හෙට් හිදී පැවැත්වීමට නියමිතයි. 

“නව පුහුණුකරු මා සමඟ කතා කළා. තවත් අවුරුදු 2ක් පමණ ක්‍රීඩා කරන ලෙස ඉල්ලීමක් කළා. මගේ ශාරීරික යෝග්‍යතාව හොඳින් තියා ගන්න බලනවා. කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නෑ. තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩාව පිළිබඳ සැලසුම් කරනවා. මොකද මම දන්නේ නෑ ඊළඟ අවුරුද්දේ ශාරීරික යෝග්‍යතාව ‍කොහොමද කියා. බලමු ඊළඟ ලෝක කුසලානයෙන් පසු අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා“ චමරි පැවැසූවාය.

බංග්ලාදේශය සමඟ මෙම තරගාවලියේ පවත්වන එක්දින තරග තුන ඉතා වැදගත් බව ද ඇය අවධාරණය කළාය. ‍“ “ඒකට ‍හේතුව තමයි ඒ තරග තුනෙන් ලබා ගන්නා ලකුණු ගොඩක් වැදගත් වෙනවා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට. 

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කරන්‍නේ නැතිව කෙලින්ම සුදුසුකම් ලැබීමට මේ තරගාවලිය වැදගත් වෙනවා“ චමරි පැවැසූවාය.

මේ දවස්වල මමත් ආබාධ තත්ත්වයෙන් ඉන්නේ. අතේ මැහුම් නවයක් දාලා තියෙනවා. පළමු තරග කිහිපයේදී මට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙයිද කියන්න බෑ. ඉදිරියේදී තමයි ඒක තීරණය වෙන්නේ“